ආයුබෝවන්,
ඔන්න ඉතින් කාලෙකට පස්සේ පොඩි පොස්ට් එකක් අරගෙන ආවේ. හැබැයි
ගොඩක් දෙනෙක් ආසවෙයි කියල හිතෙනවා. මමත් කාලයක ඉදල ආසාවෙන් හිටි
දෙයක් මේ Arduino කියන එක.
මොකක්ද මේ Arduino කියන්නේ?
සරලව කිව්වොත් මේ Arduino එකක් කියන්නේ ඉතා කුඩා ප්‍රමාණයේ
පරිගණකයක්. මේක Programme කරන්න වගේම ඒ Programme Process කරන්න
ඒවගේම Input එකක් ගන්න Output එකක් දෙන්න වගේ දේවල් මේකට පුළුවන්.
Arduino එකක් Embedded Computing platform එකක් විදියටත් ගන්න පුළුවන්. මේ
Arduino එකට තව විවිධ කොටස් සම්බන්ධ කරලා වැඩ ගොඩක් ගන්න පුළුවන්
පුවරුවක් මේ Arduino එක. එලෙසෙම තවත් පරිපථ පුවරු මේ Arduino එකට
සම්බන්ධ කරලා සංකීර්ණ වැඩ කරන්න පුළුවන්. ඒ පරිපථ පුවරු වලට කියන්නේ
Arduino Shields කියලා. Arduino වල විවිධ සංස්කරණ නිකුත් වෙලා තියෙනවා.
ඒවායේ එක එක ඒවාට තියෙන හැකියාවන්ගේ, මතක ධාරිතාවන්ගේ වෙනස් කම්
තියෙනවා. මේ Arduino එකක් හදන්න යොදාගෙන තියෙන්නේ Atmel වර්ගයේ
Micro Contoller එකක්. Arduino කියන Open Source Electronic Project එකක්.
ඉතින් මේ Arduino එක එක ආයතන දැනට නිෂ්පාදනය කරනවා. නමුත් Arduino
කියන නම භාවිතා කරන්න අවසර දීල නැහැ. ඒක Copy Rights තියෙන Brand
Name එකක් මම දන්නා විදියට. මමත් තවම Arduino ගැන හොදටම ඉගෙන ගත්ත
කෙනෙක් නෙමෙයි. ඒ නිසාලු Arduino Clone හදන අය ඒ සදහා Funduino,
Roboduino, Pingduion වගේ Arduino නමට යන නම් දාල තියෙන්නේ. කියන්න
සතුටුයි ලංකාවෙත් මේ Arduino Clone නිර්මාණය කරනවා. Techduino සහ
Lakduino කියන්නේ ලංකාවේ නිර්මාණය කරන Arduino Clone දෙකක්.
Arduino එකකින් කරන්න පුළුවන් මොනවාද?
සරලම උදාහරණයක් ගත්තොත් අපිට අවශ්‍යයි හිතමු Switch එකක් එබුවට
පස්සේ LED බල්බ් එකක් තත්පර 30ක් On වෙලා තිබිලා ස්වයංක්‍රීයව Off වෙන්න
හදන්න. සරලවම අපිට Switch එකක්, LED බල්බ් එකක්, Arduino එකක් සහ
සම්බන්ධ කරන්න පොඩි Wire කැබලි කීපයක් එක්ක Programme එක ලියන්න
කම්පියුටර් එකක් තිබ්බම හොදටම ඇති. (LED බල්බ් එකට දෙන වෝල්ටීයතාව
අඩු කරන්න ප්‍රතිරෝධකයක් ඕනිත් වෙනවා. නැත්නම් පිච්චිලා යාවි LED බල්බ්
එක) අපි පස්සේ කතා කරමු කොහොමද වැඩේ කරන්නේ කියල.
Arduino එකකට සම්බන්ධ කරන්න පුළුවන් Shields මොනවාද?
- 2.8" TFT Touch Shield
- Ethernet Shield
- GPS Shield
- Logger Shield
- Motor Shield
- NFC/RFID Shield
- Proto Screw Shield
- Proto Shield
- Wave Shield මේ තියෙන්නේ Shields කිහිපයක්.
Arduino එකකින් කරන්න පුළුවන් සරල අත්හදාබැලීමකුත් එකක් ලගදීම හමුවෙමු. හොද නරක කමෙන්ටුවක් දාල යන්න. යාලුවෝ එකක FB එකේ බෙදා ගන්නත් අමතක කරන්න එපා. කමෙන්ටුවක් උනත් හුගක් වටිනවා. (y)








